Friday, September 21, 2012

හැඳින්වීම ෴

AutoCAD Cross Section designer

හැඳින්වීම෴


මර්ග සංවර්ධනයේ දී සැලසුම් ශීල්පීන්හට මාර්ග හරස්කඩ (Cross Section) පහසුවෙන් ඇදීම සදහා උපකාරීවන මෘදුකාංගයකි

මෙම මෘදුකාංගය මගින් පිහිටි මාර්ගයේ හරස්කඩ (Existing Cross Section) ඉතා පහසුවෙන් Auto-CAD තුළ ඇද ගත හැකි ය. දල වශයෙන් ඔබ විසින් Cross Section අදාල Level, Excel වැඩපතක ඇතුලත් කර ඇති නම් විනාඩියකට Section 50 ක් පමණ අදාල Drawing ඇද ගත හැකි ය. පරිගණකයේ ශඛ්‍යතාව අනුව මෙම ප්‍රමාණය තවත් වැඩි විය හැකිය. මෙම නිර්මාණකරනයේදී යම් කිසි සැලකිය යුතු වේලාවක් ගතවනුයේ levels ක්‍රමවත්ව Excel වැඩපතක ඇතුලත්කර ගැනීම සදහා ගතවන කාලය පමණී. Excel වැඩපතක level ඇතුලත් කිරීමට ඇති ක්‍රමය ද ඉතා සරලය. level ඇතුත් කිරීමේ ක්‍රියාවලීය සදහා ද තව දුරටත් ඉතා පහසු කරන ලද උපයෝගිතාවක් මවිසින් මෙම මෘදුකාංගයට එක් කිරීමට සැලසුම් කර ඇති අතර, එය ඉදිරියේ දී නිමා කරනු ඇත. එනම් එවිට සියලුම අංග ඉතා සරල කරන ලද මෘදුකාංගයක් වේ.

මෙම මෘදුකාංගය මගින්,
  • ඔබට අවශ්‍ය සම්මත සැකසුමකට අදාලව මෘදුකාංගය විසින් පෙන්වා දෙන Template Cage එකක් භාවිත කළ හැකිය. නැතිනම්, වෙනත් Cage එකක් සකස්කර, එය Template Cage එකක් ලෙස භාවිත කළ හැකි ය.
  • A4 සහ A3 යන කඩදාසි වර්ග දෙක සදහා වලංගු පරිදි Drawing ඇද ගත හැකි ය.
  • ස්වයංක්‍රීයව Existing Cross Section සහ ඊට අදාල Level ඔබට තොරා ගැනීමට ඇති cage එක තුළ නිවැරැදිව Datum සහිතව ස්ථාපිත කරවා ගත හැකි ය.
  • ස්වයංක්‍රීයව එක් එක් Drawing සදහා Drawing numbering කරගැනීමේ හැකියාව ලබා දේ.
  • ස්වයංක්‍රීයව Drawing සම්මත Scale එකකට (50:50, 20:50) අදාලව ඇද ගත හැකිය.
  • වර්ණ ගැලපීම සහ රේඛා ඝනකම තීරණය කළ හැකි ය.
  • level ඇතුලත් කිරීමේදී ඔබ විසින් කර ඇති සමහර වැරැදි ස්වයංක්‍රීයව හදුනාගෙන පෙන්වා දීමේ හැකියාව ඇත.
  • සියලුම සැලසුම් Design කිරීමේ අදියරට පහසු පරිදි ඇද ගත හැකි අතර, ඔබ විසින් කරන Design cross section එකකට අදාල Quantity ගණනය කිරීමේ පහසුකම් මෙම මෘදුකාංගය මගින් ලබා දේ. එය පහත පරිදිය.
    • තනි තනිව ඇති Hatch වල Arias (Hatch එකක් හෝ කිහිපයක්) ක්ෂණිකව Chat එකකට ඇතුලත් කිරීමේ හැකියාව. (උදා :- Sub base aria, ABC aria)
    • රේඛීය හෝ හැඩ සහිත රේඛාවක හෝ දිග ක්ෂණිකව Chat එකකට ඇතුලත් කිරීමේ හැකියාව. (උදා :- Clearing and grabbing length සේවීම)
    • තිරස් අවකාශයක දුර Dimension ද පිහිටුවා ගනිමින් එහි අගය Chat එකකට ඇතුලත් කිරීමේ හැකියාව. (උදා :- Triming and leveling length සේවීම)

******** එනම් Existing Cross Section එකක සියලු සැකසීම් මෙමගින් සිදුවන අතර, Design අදියර සදහා අවස්තා කිහිපයක දී සහය ලබා දෙනු ලැබේ. **********

මෘදුකාංගය භාවිත කරන ආකාරය සම්බන්දයෙන් සියලුම තොරතුරු මෙම බ්ලොග් එකෙන් ලබා ගත හැකි ය. ඔබට කිසියම් අවස්තාවක ගැටලු ඇතිනම් එය මා වෙත Comment කර ලබා ගත හැකි ය. එමගින්, අනිකුත් අයට ද, මේ පිළිබදව දැනුවත් වීමේ අවකාශය සැලසේ. නැතිනම් ඊ-මේල් මගින් හෝ දුරකතනයෙන් හෝ විමසීම් කළ හැකි ය. දැනට ආයතන කිහිපයක් සහ, පුද්ගලයින් කිහිප දෙනෙකු මෙම මෘදුකාංගය සාර්තකව භාවිත කරනු ලැබේ.

CAD Cross Section designer මෘදුකාංගය Windows xp, Windows 7/8 (bit 32) යන මෙහෙයුම් පද්ධතිතුළ හොදින් ක්‍රියා කරයි. මීට අමතරම සම්පූර්ණ ක්‍රියාවලිය සදහා AutoCAD 2010/2011 යන පරිගණක සැලසුම් යෙදුමක් සහ MS Office 2007 ඔබේ පරිගණකයේ ස්තාපිත කර තිබීම අනිවාර්ය්‍ය වේ. ඔබේ පරිගණකයේ ඇත්තේ  AutoCAD 2008/2009/2010/2011 වැනි අනුවාදයක් පිහිටුවාගැනීමක් නම් ඊට අදාල exc (Executive) ගොනුව සම්පාදනය කර දිය හැකි ය.



මෘදුකාංගය ආකාර දෙකකට ලබා ගත හැකි ය.
  • පුද්ගලික හෝ වැඩබිම් සඳහා හෝ භාවිතය 
(එක් එක් සැලසුම් ශීල්පීන්හට තනි තනිව භාවිත කිරීමට ලබා දේ. මෙහිදී මෘදුකාංගය  වලංගු (Active) කර ගැනීම සදහා, SMS මගින් ඉල්ලීමෙන් හෝ දුරකතනයෙන් මා ඇමතිමෙන් හෝ Activation Code එක ලබා ගැනීමට සිදුවේ. පරිගණක කිහිපයක් සදහා මෘදුකාංගය ස්ථාපිත කරනු ලබනුයේ නම් Activation Code ඒ ඒ අවස්ථාවේ ලබා දිය හැකි නමුත්, Activation Code Generate මෘදුකාංගය ලබා දෙනු නොලැබේ.)
  • ආයතනික සඳහා පූර්ණ භාවිතය
(ආතනයකට තම වැඩ බිම් සියල්ලේ ඕනම පරිගණක ප්‍රමාණයකට ස්ථාපිත කළ හැකි පරිදි මෙම සංස්කරණය ලබා දේ. එහිදී, Activation Code Generate මෘදුකාංගය ද ලබා දෙන අතර, එය අදාල ආයතනය තුල පමණක් භාවිත කිරීමට ඔබ/ආයතනය බැදී සිටිය යුතුය. එනම් එම මෘදුකාංග කිසිවක් වෙනත් ආයතනයකට හෝ ආයතනයෙන් පරිබාහිර පුද්ගලයෙකුට හෝ ලබා දීමට ඔබට කිසිදු අයිතියක් නැත.)

මා සම්බන්ධ කර ගත හැකි ආකාර
Tel : (+94) 0716-178563 
rathnakumarasl@yahoo.com
rathnakumarasl@gmail.com 

CAD Cross Section designer මෘදුකාංගය භාවිතයෙන් සම්පූර්ණ කරන ලද Cross Section එකක දල රූප සටහනක්.




මෘදුකාංගය ස්ථාපිත කර ගන්නා ආකාරය.

Excel වැඩපතක් පිළියෙල කර ගන්නා ආකාරය.

නව CAD Command භාවිත කරන ආකාරය.